Showing posts with label අහේතු කාලේන. Show all posts
Showing posts with label අහේතු කාලේන. Show all posts

Thursday, March 28, 2019

අදත් මීයෙක් අහුවෙලා....



ඊයෙත් අහුවෙලා හිටිය මෙයාට වඩා ලොකු එකෙක්....

මෙයාව හෙට උදේට නිදහස් කරනකන් තව පැය දෙක තුනක් මෙයාට කූඩුවට වෙලා ඉන්ඩ වෙනව...

කාගෙ උනත් දරුවෙක්නෙ කියල මම මාරි බිස්කට් දෙකක් පොඟවල පොඩි කෑලි කඩල කූඩුව ඇතුලට දැම්ම.. මූ මං දිහා බලල ටැන්කි්‍යු කිවුව....

මූ හෙන ආඩම්බරේට, රැස්පොට් එකට තමා කූඩුවෙ ඉන්නෙ.. හරියට මහජනතාවට සේවය කරන්ඩ ගිහින් හිරේ ලඟින හිටපු ඇමති කෙනෙක් වගේ...

මාරි බිස්කට් දීපු හින්ද මූ මාත් එක්ක ෆිට් උන හින්ද මන් මූත් එක්ක පොඩි චැට් එකක් දැම්ම...

මම - ඈ බොල මීයො.. තෝ හොරාකන්ඩ ඇවිල්ල අහුඋනාමත් හෙන පොර වගේ නේද කූඩුවෙ ඉන්නෙත්...

මීය - අපි කොහොමත් රැස්පොට් තමා ඕයි.. තමුසෙල පූජා වට්ටි තියල වඳාන ගණ දෙයියො යන්නෙත් අපේ පිටේ තමා.....

මම - අනේ පලයන් ප- යො යන්ඩ, හොරාකන්න ඇවිත් ඉල්ලන් කෙලවගෙන එනව මෙතන පොර ටෝක් දෙන්ඩ...

මීය - අනේ යනව ඕයි යන්ඩ, තමුසෙලට ඉතින් අල්ලන්ඩ පුලුවන් අපි වගේ පොඩි මීයො තමා.. තමුසෙලගෙ ඇමතිල, මන්ත්‍රීල තමුසෙලගෙ බදු සල්ලි බිලියන ගනන් හොරකම් කරනව.. තමුසෙල ඒවට කට පුක වහන් ඉඳල අපි වගේ පොඩි උන් බඩගින්නට කෑම ටිකක් කන්ඩ ආවම අපිට කෙලවනව.....

මම- අඩෝ කැ-ය වහපන් කට...

මීය- මං මොකටද ඕයි කටවහන්නෙ.. මම කියන්නෙ ඇත්තනෙ... තමුසෙල බොරුවට කයිවාරු ගහනව විතරයි.. කරන ප-යක් නෑ.... පහුගිය කාලෙ අරූ හොරා මූ හොරා කිවුවට එකෙක්වත් ඇල්ලුවද නෑනෙ...

මම- දැන් උඹ හදන්නෙ පොර ටොක් දීල විහින් කෙලවගන්ඩ මීයො...

මීය- තමුසෙලට ඇත්ත කිවුවම නං මල පනිනව නේද.. දැන් බලනවකො තමුසෙලගෙ රට කරවන් උන් පොර ටෝක් දීල කෙලවගෙන ඉන්නෙ.. අපි මීයො උනත් වැදගත් විදියට හැදිච්ච උන්.. තමුසෙලගෙ උන් වගේ සක්කිලි වැඩ කරන් නෑ ඕයි අපි....

මම- ඒවෑන් උඹට වැඩක් නෑනෙ.. උඹ හොරා කන්න ඇවිත් මාට්ටු උනා නං එලිවෙනකං හිටාන්.. කට වහගෙන..

මීය- කවුද ඕයි හොරා කන්න ආවෙ.. මහපොලවෙ හැදෙන දේවල් තමුසෙලට විතරක් නෙමෙයි.. අපිටත් අයිතියි.. තමුසෙල ⁣ඒ සේරම තනියම කෑවම අපි කන්නෙ තමුසෙගෙ ඇට දෙකද...

මීය කියන කතාවෙ ඇත්තක් තියන හින්දයි, මූ එක්ක කතාවට ගියොත් නිකං ඇදගෙන නාන්ඩ වෙන හින්දයි මම කටවහන් හිටිය...

කරන්ට් කපන්නෙ ඇයි දන්නවද???



දවසම මහන්සිවෙලා ගෙදර ආව.....
නාගෙන එහෙම සරමට බැහැල පුංචි උන් දෙන්නත් වටකරගෙන බත් ඩිංගක් කන්න හැදුව විතරයි මෙන්න අදත් කරන්ට් කැපුව........

මුංගෙ අම්මලට හැම$%න්ඩ එපෑ.......

මට එහෙම හිතුන.....

ඇත්තටම කාගෙ අම්මලටද හැම%&$ඩ ඕනි...... මන්ඩලේ උන්ගෙද, නැත්නම් ඇමැටියගෙද, නැත්නම් අගමැටියගෙද, එහෙමත් නැත්තං සරල මිනිහගෙද, නැත්නම් උන්ට චන්දෙ දීපු උන්ගෙද, එහෙමත් නැත්නම් චන්දෙ නොදීපු උන්ගෙද, එහෙම නැත්තං විපස්සෙ උන්ගෙද, නැත්තන් කැලෑ පාලුවන්ගෙද, නැත්තං වැස්ස වලාහක දෙයියන්ගෙද, නැත්තං කරන්ට්එක හොයාගත්ත එකාගෙද,..........

හැබෑටම මොකාගෙද???????

අනේ මන්ද...

කෑවැයින් නොනෑවැයින් ඒ කෑමත් එපා උනා......

මගෙ ඇස්වලටනං කලුවර හුරුයි......
මොකද මං පුංචි එකා සන්දියෙ අපේ ගෙදරට කරන්ට් තිබුනෙ නෑ නොවැ... ඒ හින්ද මට තාම ඉටිපන්දම්, චිමිනි, ලන්තෑරුම්, කුප්පි ලාම්පු, පැට්‍රෝල් මැක්ස් ලාම්පු එලි හොඳට දෑහැට හුරුයි...................

ඒත් මේ පුංචි ඈයොන්ට එහෙම හුරු නෑ නොවැ...
කලුවරට උන් බයයි..
උන්ට කලුවර නුහුරුයි.......
ඉතින් පුංචි උන් දෙන්න ඇඳට වෙලා අම්මට තුරුල් වෙලා ඉන්නව....
පොඩි එකා කිරි බොනව.....

පෑන් දාන්ඩ බැරි හින්ද දාඩියත් වැක්කෙරෙනව....

බලාාගන ඔය ළමයින්ව මදුරුවො කයි..... මගෙන් ළමයින්ගෙ මෑනියන්ට දැනුවත්කිරීමක්...

ඒක ඇහුන පොඩි එකා කිරි බොන එක නවත්තල මෙහෙම කිවුව.....

මදුරුවො කන් නෑ තාත්තෙ.....

ඒ මොකද පුතේ.......

ලයිට් නැතිහින්ද මදුරුවන්ට කන්ඩ පේන්නෑනෙ......

ඕන් බලහල්ලකො ඉතින් දැන් හැදෙන පොඩි උන්ගෙ පන්ඩිතකම...

මම ටිකක් කල්පනා කොරල බැලුව...
හැබෑවටම නේන්නං.....
කොල්ල කියන කතාවෙත් ඇත්තක් තියෙනව නොවැ......
මේක තමා එහෙනම් කරන්ට් කපන්න හේතුව..
මේ දවස්වල ආයෙ ඩෙංගු පැතිරෙනවලුනෙ.....
ආන්ඩුවෙන් මේ සැරින් සැරේ කරන්ට් කපල කරන්නෙ ⁣ඩෙංගු මර්ධන වැඩසටහනක් තමා එහෙනම්................

ඩෙංගු මදුරුවන්ට ආරංචි වෙයි කියල වෙන්ඩැති හේතුව ප්‍රසිද්ද නොකරන්නෙ....
මම නං කියන්නෙ ඩෙංගු මාරය තුරං කරන්ඩ පැය බාගයක් පැයක් කරන්ට් කපල මදි....

එකදිගට තුන් මාසයක්වත් කරන්ට් කපන්ඩෝනි..... මේ මදුරු හැත්ත බඩගින්නෙම මැරිල යන්ඩ.....