Thursday, April 11, 2019

මේක කලින් දවසක හැන්දෑවක උන සිද්දියක්.. 

ඔන්න ඉතිං මම වෙනද වගේ වැඩ ඇරිල එනව මගෙ යකඩ අස්සයගෙ පිටේ නැගල.. 
ඒක වෙන්දේසි වත්තක් මැද්දෙන් යන අඩි 12 පාරක්.. දැන්නම් තාර දාල.. පාර දෙපැත්තෙම කානු.. කුනු වතුර පිරිච්ච.. පල් ගඳ ගහන.. රාජගිරයයි IDH හන්දියයි අතර...
ඈතිං එනව ලස්සන ලමිස්සියක්.. ඉස්කූටරෙත් පැදගෙන.. සීට් එකට නොරිදෙන්න පස්ස තියාගෙන.. දියට දාපු හංස දේනුව වගේ.. ලස්සන සුදු කෙල්ල.. ඩෙනිම හිරට ඇඳල.. උඹල වල් විදියට එහෙම හිතන්න එපා ඕං......
එයා ඒ පැත්තෙන් එනව... මම මෙහෙන් යනව.. අපි අතරෙ පරතරය අඩ 20ක් 25ක් තියෙද්දි මැද්දෙන් ත්රී වීල් එකක් පාරට රිවස් කරනව.. ඌ එහෙ බැලුවෙත් නැහැ... මෙහෙ බැලුවෙත් නැහැ.. උගෙ අම්මගෙ පාරක් වගේ.... ( උගෙ අම්මගෙද දන්නෙත් නැහැ..)
මම නවත්ත ගත්ත.. ඒත් අර දැරවි එනව.. දැන් ත්රී වීල් එක ලඟ මයි ගැනු ලමය.. ඌ කෙල්ලව තාම දැක්කෙ නැහැ.. ඒකිගෙ හිතෙත් නවත්තන අදහසක් නැහැ.. ගැනු කොහොමත් යන්න ගත්තම නවත්තන සිරිතක් නැහැනෙ අපි වගේ...
අර පොල් බූරුවත් මගෙ දාහා බලාගෙන මෝඩ හිනාවක් දාගෙන රිවස් කරනව... දැන් වදින්න ඔන්න මෙන්න... මම හයයෙන් හෝන් එකක් ගැහුව... මොන....
දඩිං.. බිඩං... ඩෝන්............
බයිසිකලේ බිම... කෙල්ලත් බාගෙට බිම.. එහා පැත්තෙ කානුව... ඊලඟට තාප්පෙ....
පොල් බූරුව එතකොට තමයි දැක්කෙ එහාපැත්තෙනුත් බයිසිකලයක් ආ වග....
ඌ බය වෙච්ච පාරට වීල් එක ආයෙම වත්ත ඇතුලටම දැම්ම...
මමත් සෙනිකවම බයික් එ⁣ක ස්ටෑන්ඩ් කරල බහිනකොට මටත් නොදැනිම කුනුහරප දෙකතුනක් කියඋනා ටිකක් සද්දෙට.... මට කොහොමත් වීල් එලවන ප- යලව පේන්න බැහැ... දැන් අවුරුදු 11 ක් තිස්සෙ යකඩ අස්සය පිට යන මගෙ ජීවිතේ 99%න් බේරුන අවස්තා 99 කටත් වැඩියි මුංගෙ -කේ සිග්නල් දැමිලි හන්ද....
කෙල්ල තාප්පෙට හේත්තු වෙලා බලා ඉන්නව අන්ත අසරන විදියට.. සුදු මූන රතු වෙලා... මගේ පපුව හෝස් ගාල ගියා.. වැඩිය දැඟලුවොත් කුනු කානුවෙ..
අර බූරුවත් දුවල ඇවිත් ඉස්කූටරේ උස්සන්න ලැහැස්තිය.. මගෙ කටින් තාම සුද්ද සිංහල දෝරෙ ගලනව....
කෙල්ල උස්සන්නැතුව බයසිකලේ උස්සන්නත් බැහැ.. බයිසිකලේ උස්සන් නැතුව කෙල්ලව උස්සන්නත් බැහැ... ඒ⁣ ලමයගෙ කොතනින් අල්ලල උස්සන්නද කියල මට හිතාගන්නත් බැහැ..... ලැජ්ජ බයට හැදුන කොල්ලොනෙ අප්ප...
සිසිවන උවන ඉඟ සුඟ ගතහැකි මිටින......
තව පොඩ්ඩෙන් අහුවෙන්නේ තිසර තන.......
ඉතිං මම අල්ලන් නැතුව එයාටම එල්ලිලා නැගිට ගන්න අත දික්කලා.... පොල් බූරුවත් ඒ අතරෙ ඉස්කූටරය කෙලින් කලා.....
මොහොතකට මම නඩු අහන විනිසුරෙක් උනා...
මම දැක්කෙ නැහැ මහත්තයො මේ ලමය එනව....
මම හිතුවෙ නැහැ මෙයා එකපාරටම පස්සට ගනී කියල...
පිරිමි පස්සට ඉසිසරහට ගන්න විදිය කොහොමත් උඹලට තේරෙන්නෙ නැහැ කෙල්ලෙ කියල කියන්න කටට ආවත් මම නොකිය හිටිය...
පොල් බූරුවටත් ඔලුව කහ කහ අහන් ඉන්න දෙක තුනක් කිවුව....
ආයෙ මේවගෙ හැප්පෙයි කියල හිතන වෙලාවක් ආවොත් මෙන්න මේක මිරිකන්න නංගි කියල පස්සෙ බ්රේක් එක පෙන්නුව....
දෙන්නගෙ අලාබ දෙන්න විඳගන්නවලු....
මටත් මොකද.. මමත් ආව...
මේ ටික කියුවෙ කාටවත් උන විපතකින් ආතල් එකක් ගන්න නෙමෙයි...
ත්රී විල්, බයික් පදින හැමෝම ටිකක් වැඩි අවදානයකින් පාරෙ යමු.... එතකොට අවදානම අඩුකරගන්න පුලුවන්....
කාගෙ කාගෙත් දත් සෙට්, බෝල සෙට් ආරක්සා කොරගන්නත් පුලුවන්..............🏍🚗🚕🚙🚎🏎🚓🚘🚲
මංගල තෑග්ග...

කලකට ඉහතදීය.. කඩවතින් ගමන් ඇරඹු මෝටර් රථයකි.. ඒ තුල තරුණ සත්ගුණවත් මහත්වරු හතර දෙනෙකි.. ගමනාන්තය කුරුණෑගලට මදක් ඔබ්බෙනි.......
හතර දෙනා කලක් එක් බත් පත කෑ උන්ය.. ඔවුන්ගේ තවත් මිතුරෙක් ලඟදී විවාපත් වී තිබු අතර මේ හතරකට්ටුවෙන් එකෙකුට ඒ මගුලට සහබාගීවීමට නොහැකි වූ සොවින්, අනෙක් සගයන්ද කැටුව සිය ප්‍රාන සම සුමිත්‍රයා දක්නට යන ගමනයි මේ...
පෙර සූදානම කෝකටත් හොඳ බැවින් යක්කල පුඩ්සිටියෙන් අඩුවැඩිය සපයාගත් මිතුරුතෙමේ මද්දහනට හෝරාවකට මත්තෙන් සිය ගමනාන්තයට ලඟාවිය.....
හැබෑවටම සුන්දර ගම් පියසකි.. ගමේ කම අපූරුවට සුරැකී තිබුනි.. සිංහල උලු සෙවිලිකල ගෙයකි.. සුවිසාල මිදුලකි.. මිදුල කෙලවර තුරු ගොමු සෙවනේ වෙල් එලිය සිප එන මද නල සිසිලේ මී විත බඳුන් හිස්වෙයි.. ස්‍රතියෙන් පිට ගීත වැලකි... නෑඹුල් මනාලියගේ ආලවට්ටකමි පිරුනු ආගන්තුක සත්කාරයයි.....
සැඳැ සමය එලඹුනෙන් මිතුරු කැල නැවත ගමනට පිටත්විය... සැතපුමකටත් අඩුවෙන් නැවත නැවතුමකි.. වෙල අසබඩ පුංචි කඩයකි. මද පවනේ සිසිල විඳිමින් දුමක් අදින්නට කදිම තැනකි....
මුදලාලියා තට්ටයෙකි.. බඩෙකි.. හේ තම විමසුම් දෑස තරුණයන් කෙරෙහි රැඳවිය..
මේ මහත්තුරු මේ පලාතෙ නොවෙයි මගෙ හිතේ....
නැහැ මුදලාලි අපි කඩවත පැත්තෙ...
බෑරක් යන ගමන් වෙන්ඩ ඇති......
ඔවු මුදලාලි අපි මේ පැත්තට පොඩි උවමනාවකට ආව... මුදලාලි මේ ගම් පලාත ගැන විස්තර දන්නව ඇති නේද....
මොකෝ මහත්තයො මන් නොදන්නෙ.. මේව අපේ උපන් ගං නොවැ...
මුදලාලි මේ පැත්තෙ ඉන්නවද ------------- ------------ කියල කෙනෙක්.....
අපොයි ඔවු මහත්තයො.. මේ කිට්ටුව... මහත්තෙල ඒගෙවල් පහුකරල නොවැ ඇවිත් තියෙන්නෙ......... අපේ ----------------- මහත්තයගෙ පුතා නොවැ ඔය.... ටිකක් දුරින් නෑයොත් වෙනව..... ඇයි මහත්තය ඒ පැත්තෙ යන ගමන් පාර වැරදුනාවත්ද.........
නැහැ නැහැ මුදලාලි.. අපි මේ වෙනින් ගමනක් යන ගමන් ටිකක් හොයල බලන්න කියල ආවෙ.......
හොයල බලන්නැයි කිවුව... ඒ මොකද මහත්තයො......
දන්නැද්ද මුදලාලි ඉතිං... ඒ මහත්තය තමයි අපේ නංගිව බඳින්න ඉන්නෙ... දැන් මාස දෙක තුනකින් ඒ පැත්තෙ ආවෙ නැහැ.. ඒ නිසා ටිකක් හොයල බලන්න ආවෙ......
(මුදලාලිගේ පෙනුම අඤ්ඤකොරොස් විය.. ඇස් දෙක නලලේය... කට ඇරී ඇත.. ඇස් වල නරි බැල්මකි....... ඉතා වටිනා තොරතුරක් සොයාගත් සතුට ඔහුට සඟවා ගත නොහැකි බව පෙනෙයි....)
වෙන්ඩ බැහැනෙ මහත්තයො.. ඒ ලමය කසාද බැන්දෙ ගියමාසෙනෙ...
එහෙනම් මුදලාලිට වැරදිලා.. අපි හොයන කෙනා කොළඹ වැඩකරන්නෙ.... රතු පාට කාර්එකක් තියෙනව... මේ පැත්තෙ කියුවට අපිත් හරියටම තැන දන්නැහැ...
නැහැ නැහැ මහත්තයො මම කියන්නෙත් ඔය කියන කෙනාම තමයි.. මොකෝ මං නොදන්නෙ.. අපිත් ගියා නෙව මගුලට... නුවරින්නෙ බැන්දෙ.... රතුපාට කාර්එකක් තමයි තියෙන්නෙ... ගෙදර එකම කොල්ලනෙ....
මුදලාලිට හොඳටම සුවර්ද....
සුවර්ද කියලත් අහනව.. මොකෝ මන් නොදන්⁣නෙ..... කවුද අප්පේ දන්නෙ මේ කොල්ල මෙහෙම දෙයක් කොරයි කියල..... දැන් ඉතින් මහත්තෙල මොකෑ කොරන්නෙ....
මොනව කරන්නද මුදලාලි... අපේ එකී අපිට වැඩි නැහැ... කපල ගඟේ මුහුදෙ දානව හොඳයි මේ වගේ ගංකබරයින්ට දෙනවට වැඩිය.. මටත් සැකයක් තිබුන ඕක එකපාරටම නෑවිත් මගඅරිනකොට... ආයෙ ආවොත් උගෙ මිනිය තමයි ගමට එවන්නෙ..... ගනින් මචං කාරෙක... උගෙ අම්මට හැ-----=--=--- වේ-- පුතා......
යන්නම් මුදලාලි....
මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී.........
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී..........
නම් තැබීම...
කලකට ඉහත දවසකි.. අම්මා කොහෙන්දෝ පූස් පැටවෙකු ගෙනාවාය.. තොරක් නැති මී කරදරයෙන් බේරෙන්නට ඇය ගත් ක්‍රියාමාර්ගයකි එය..
ඒකා සුදුම සුදුය.. පුලුන් බෝලයක් මෙනි.. නිල්පාට ඇස්ය.. රෝසපාට නහය.. හුරතල් පාටය..
මම බලලුන්ට අකමැත්තෙමි.. නමුත් මේකාගේ හුරතලය නිසාම පැය කිහිපයකින් මම උගේ සුරතල් බලාසිටින්නෙකු වීමි..
දිනෙන් දින උගේ දඟ වැඩ වැඩිවිය.. අම්මාගේ ආදර සත්කාර අපට වඩා ඌට ලැබෙයි.. බඩපුරවාගත් පැටියා එහෙ දුවයි, මෙහෙ දුවයි, වෙිගයෙන් දුවගොස් කෙසෙල් ගසක් මුදුනේ නවතියි.. ඥාවු ගාමින් බිත්ති දිගේ යයි.. ඉඳහිට සරමේ එල්ලී ඔංචිලි පදින්නටද සැරසෙයි.....
දින කිහිපයක් මෙසේ මේකා අප ඇසුරේ සුවසේ වැඩුන මුත් ඌට නිත්‍ය නමක් ලබාදීමේ උවමනාවක් කාටත් නොවිය.. එවෙලෙට හිතෙන නමක් කියා කතාකලවිට ඌ එයි..
මූට ගැලපෙන නමක් තැබිය යුතු බව මට සිතුනි.. නම් කිහිපයක් හිතට ආ මුත් ඒවාට අම්මාත් අනෙක් අයත් අකමැති විය.. එබැවින් වාග් විද්‍යානුකූලව සලකා බලා, ගන පිහිටුවා මුගේ චර්යා රටාවටද ගැලපෙන නමක් තැබිය යුතුය...
ඌ කිරිසුදු පාට බැවින් පලමුව උගේ පාට සහ උගේ ආහාර රුචිය සලකා "කිරි" යන පදය ගතිමි.. දෙවනුව ඌ බලලෙකු නිසා ඉංගිරිසියෙන් වූව හඳුන් වන cat යන පදය ගෙන එය "කැටියා" ලෙස සිංහලය පෙරලා ගතිමි..
පද දෙක එක්කලවිට "කිරිකැටියා" ලෙස අපූරු නමක් ලැබුනි...
අම්මා ඒ නමටද අකමැතිය.. නම දිග වැඩිලු.. කියන්න අමාරුලු..
කෙසේ නමුත් මටද පරාජය බාර ගත නොහැකි බැවින් හා මාගේ මහන්සිය අපතේ හැරිය නොහැකි වූ බැවින් මම සරල පද පෙරලියක් කලෙමි.. එනම් "කිරිකැටියා" යන්න තුන් තේරවිල්ලක් තොරන ලෙසට පද පෙරලි කිරීමයි...
අහෝ.. වාසනාවකි.. මගේ මහන්සිය අපතේ ගොස් නැත.. උගේ චරියා රටාවට අපූරුවට ගැලපෙන, ඌට ලබාදිය හැකි හොඳම නම එවිට මට ලැබුනි..
කෙසේ නමුත් ඒ නම එලෙසින්ම ප්‍රසිද්ධියේ බාවිතා කල නොහැකි නිසාත්, අම්මා ඒ නමට නම් කොහෙත්ම කැමති නොවන නිසාත් මම ඒ නමේ අග කොටස පමනක් ගතිමි.. ඒ "කිටියා" ලෙසය..
කිටියා......
අවසානයේ ඒ නම රෙජිස්ටර් විය...
ඌ ඉක්මනින් තරුණ වියට එලඹුනු අතර ඌ දෙදින, තුන්දින නිල සංචාර වලට සහභාගි වී දැලි, කුනු, මඩ තවරගෙන ගෙදර ඒමට පුරුදු විය... අහල පහල බැලලියන්ගේ පැටවුන් කිටියා මෙන් සුදෝ සුදු වීමෙන් නම් තැබීමේදී මා ඌට සුදුසුම නම ලබා දී ඇති බව කාටත් කල්යාමේදී අවබෝධවිය..............
පුංචි කාලෙ මං.....
අද ලැබුනු පුංචි නිවාඩුව නිස්කල⁣න්කව බුක්ති විඳින අතරෙ සමන්ත මහත්තයගෙ පුංචි කාලෙ ගැන ලියල තිබුනු කතාවක් කියෙවුව.. මගෙ පුංචි කාලෙත් ඊටම සමාන හින්ද මටත් ආස හිතුන පුංචි කාලෙ ගැන පුංචි කුරුට්ටක් දෙකක් ඔහේ ලියල දාන්න...
මිත්‍රවරුනි... එන්න මගෙත් එක්ක මගෙ පුංචි කාලෙට යන්න...
*********************************************
මං හරිම ආසාවකින් තමයි මොන්ටිසෝරියට ගියෙ.. උදේ යද්දි ගමනෙන් බාගයක් අම්ම මාව වඩාගෙන යනව මතකයි... ලොකු කිරිබොන කප් එකක් පිරෙන්න අම්ම කිරි එකක් හදල මගෙ අතට දෙනව.. මං අම්මත් එක්ක යනගමන් ටික ටික ඒක බොනව... මොන්ටිසෝරිය ලඟදි ඒක ඉවර වෙනව..
ගෙවල් ලඟ තිබුන කඩයක්... හැමදාම වගේ අම්මයි මායි ඒ කඩේට ගියා මොන්ටිසෝරියට යන ගමන්.. ඒ පාට කූරු පෙට්ටි ගන්න... ඒ දවස් වල තිබුන පුංචි ගිනිකූරු වගේ පාට පෙට්ටි වර්ගයක්.. අලිය ගිනිපෙට්ටියට වඩා ටිකක් විතර ලොකුයි... ඒකෙන් එන අපූරු සුවඳට මං හරි ආස උනා... උදේ ගන්න පාට පෙට්ටිය හවස එද්දි ඉවරයි... ආයෙ පහුවදාට තව එකක්...
ටීචගෙ ගෙවල් තිබුනෙ අපි යන පාරෙම ආපේ ගෙදරයි මෙින්ටිසෝරියයි අතර... ඒ පාරෙ රබර් වත්තක්, පුංචි ඇලපාරක්, හොර ගස් දෙකතුනක්, දං පඳුරු වගයක් තිබුන මතකයි...
හවස එද්දි මං ගොඩක් වෙලාවට එන්නෙ ටීච එක්ක... ඇරෙන වෙලාවට අම්ම ඇවිත් නොහිටියොත් ටීච මාව එක්ක එනව... ගොඩක් වෙලාවට අම්ම මගදි හම්බෙනව... නැත්නම් අම්ම එනකම් ටිචලගෙ ගෙදර ඉන්නව....
එක දවසක් මොන්ටිසෝරිය ඇරෙද්දි අම්ම ඇවිත් හිටියෙ නැහැ..අනිත් ලමයි සේරම ගෙදර ගියා.. මමයි ටීචයි ඉතුරුයි... ටීච සේරම ජනෙල් වහල දොරේ යතුර මේසෙ උඩින් තියල වතුර බෝතලේ ඉතුරු වතුර ටික එලියෙ මල් ගහකට හලන්න ගියා...
මට හිතුන පුංචි දඟ වැඩක් කරන්න... මම ටීච හූ හූ කියල එකපාරටම දොර වහගත්ත.. දොර දඩාං ගාල සදදෙට වැහිල ලොක් උනා.. ජනෙල් වහල නිසා ඇතුල කලුවරයි... මට හරියට හිනා... මම තාමත් ඇතුලෙ ඉඳන් ටීචට ඔච්චමට හිනා වෙනව...
යතුරු කැරැල්ල මේසෙ උඩ.... එලියෙන් දොර අරින්න පුලුවන් යතුර දාල විතරයි...
පුතේ දොර අරින්න... දොර අර්න්න.... ටීච හයියෙන් කෑ ගගහ දොරට ගහනව.. ටීච අඬනවද මන්ද... ඒ පාර නම් මටත් බය හිතුන... මමත් හයියෙන් කෑගහල ඇඬුව....
පොඩි වෙලාවකින් එලියෙ කිහිපදෙනෙක් මට දොර අරින්න කියල කෑගහනව... මම තව සද්දෙන් අඬනව.. ටීචත් එලියෙ ඉඳන් අඬනව ඇහෙනව.... මං ලොක් එකට උසමදි ව⁣ගේ මතක.....
ටික වෙලාවකින් වහලෙන් මොකක්දෝ සද්දයක් එන්න ගත්ත... ඇතුල කලුවර නිසා මට පෙනුනෙ නැහැ මොකෙක්ද කියල... මාව අල්ලගන්න යකෙක් ඇවිත් වගේ.. මං දොර ලඟ බිම ඉඳගෙන තව හයියෙන් ඇඬුව....
එක පාරටම වහලෙ සද්දයක් එක්ක ඇතුලට එලිය වැටුන.. උලු කැටයක් අයින් කරල යකා ඇතුලට එන්න හදනව.. තව උලුකැටයක් අයින් කලා.... යකා ඉස්සෙල්ලම කකුල් දෙක පහලට දැම්ම... ඊලඟට වහලෙ පොඩි කොටුවෙන් අමාරුවෙන් රිංගල බාල්කෙට බැස්ස... දැන් යකා මාව ගිලියි.... මම ඇස්දෙක තදකරල වහගෙන පුලුවන් තරම් හයියෙන් ඇඬුව.. යකා බාල්කෙන් මේසෙට පැනල එතනිනි බිමට පැනල ඇවිත් මාව වඩා ගත්ත.... මං තවත් ඇස් තදකරන් ඇඬුව....දැන් මාව කයි....
යකා ටකස් ගාල සද්දෙට දොරේ ලොක් එක කරකෝල දොර ඇරන් මාව එලියට අරන් ගියා... පුතේ..... අම්මගෙ කටහඬ... අම්ම මාව වඩාගත්තම තමයි මං ඇස් ඇරියෙ.....
අම්මයි ටීචයි දෙන්නම එකපාර මාව තුරුලු කර ගත්ත.....
කට්ටිය ගොඩක් වටවෙලා තිබුන එතෙනට.... හැමෝම මං දිහා බැලුව... අම්ම හිටිය නිසා යකා මාව දාල දුවලද කොහෙද....
මොන්ටිසෝරියෙ වහලෙට හේ්ත්තු කරපු ඉනිමගක් දිගෙ කවුද මංද කලුම කලු මාම කෙනෙක් නැගල යකා ගලවපු උලුකැට ආපහු තිබුන විදයට හදනව මං එනකොට දැක්ක....
මතක.................

ඉතිං මචං කොහොමද.... වසර ගනනක පැරනි මිතුදම අලුත් කරමින් මම ඔහුගෙන් ඇසුවෙමි... ජීවිතයේ නොයෙක් දුක් කම්කටොලු විසින් ඔහුගේ බාහිර පෙනුමේ වෙනස්කම් රාශියක් සිදුකර තිබුනද ඔහු සතුව තිබු අවංක කමට කිසිඳු හානියක් සිදුකර නොතිබුනු බැවින් පිලිතුර ඉතා අවංක විය... එදින හවස්වරුවේ මා හටද වැඩක් නොතිබුනු බැවින් ටික වේලාවකින් අප දෙදෙනා අසල පිහිටි අවන්හලක අසුන්ගෙන සිටියෙමු....
ඔහු කුඩා කාලයේ මා සමග හැදුනු එකෙකි.. වසර 15කට පමන පෙර ගම හැර ගියෙන් අපේ ඇසුර නැවතුනද හිතේ තිබුන මිතුදම අපූරුවට සුරැකිව තිබුනි... මා 5 වසරෙන් ශිෂ්‍යත්වය සමත්ව වෙනත් පාසලකට මාරුවී ගිය අතර ඔහු 7 වසරෙන් පාසල් ජීවිතයට සමුදී තිබුනි... අද නැවත අප දෙදෙනා නැවත එක මේසයක එකට වාඩිවි සිටිමු.....
මොනවද බොන්නෙ... බියර් එකක් ගහමු.. උඹ ගොඩක් දුර ගන්නත් ඕනනෙ... උගේ යෝජනාව ස්තීරවූයෙන් අප දෙදෙනා බියර් උගුරු පහලට යවමින් කතාවට වැටුනි.... ඔහුගේ දොඩමලුව තව තවත් අවංක කරමින් බොතල් සෙමෙන් හිස් වෙයි....
ඔහුගේ අත්දැකීම් පොලිසිය, රිමාන්ඩ් එක, පාතාලය ආදී නොයෙක් තැන්හි සැරි සරමින් වචන වලට පෙරලෙයි.. මම අසා සිටිමි....
දැන් අක්ක කොහෙද බං ඉන්නෙ....
අපේ ගේ එහා පැත්තෙ අක්කත් පොඩියට ගෙයක් හදන් ඉන්නව බං.. සල්ලි ටිකක් සෙට් උන ගමන් වහලෙට ටකරන් ටිකක් දාල දෙන්න ඕනෙ.. පවුබං... වැස්ස දවසට හැම තැනම තෙමෙනව....
දැන් ලමයි එහෙමත් ඇති නේද...
ඔවු බං.. තුන්දෙනෙක් ඉන්නව.. ලොකු එකී මේ පාර විබාගෙ ලියනව.. අර කැරිය අක්කව දාල වෙන ගෑනියෙක් අරන් පැනල ගියා බං.... දැන් අක්ක පුලුවන් විදියට ලමයි ටික හදන් ඉන්නව....
ජොබ් එකක් කරනවද..
එහෙම හරි ජොබ් එකක් නැහැ බං.. ගෙදරක වැඩට යනව... ඒ ගෙදර නාකි පොර අක්කව තියන් ඉන්නව...
ඉතිං උඹල මොනාත් කේස් දාන්නෙ නැද්ද...
අපි මොනවට කේස් දාන්නද බං.. ඒකි ලමයින්ට කන්න දෙන්නනෙ හැමදේම කරන්නෙ... අක්ක හවසට ටවුන් එකෙත් බහිනව...
අහන්නට ප්‍රස්නයක් හෝ දෙන්නට පිලිතුරක් නොමැති වූ මා බියර් උගුරු දෙක තුනක් ගිල ඔහු දෙස බැලීමි.. ඔහු සතුටක් හෝ දුකක් නොමැතිව ඈත බලා සිටියේය...
දෛවය අප දෙදෙනාට දෙවිදියකට සලකා තිබුනි.....
මොකක්දො වචන වලට හරවා ගත නොහැකි හැඟිමකින් ම සිත වෙලී යන බව දැනුනෙන් මම තවත් බෝතලයක් හා දුම්වැටි දෙකක් ඇණවුම් කලෙමි....
පන්සීය අසූවයි...

වසර කිහිපයකට පෙර සතිඅන්ත නිවාඩු දිනයකි... එකල මා ඉඳහිට දිනක පෑලියගොඩ මාලු මාකට් එකට ගොස් මාලු ගෙනඒමට පුරුදුව සිටියෙමි...
එදින උදෑසනම පුරුදු පරිදි මා යකඩ අස්සයා පිට නැගී මාලු මාකට් එකට ගියෙමි.. අලුත් මාලු ලබාගත හැකි වීමත්, සිල්ලර වෙලෙන්දන්ට වඩා අඩු මිලට මාලු මිලදීගත හැකි වීමත් ඉඳහිට එම ගමන යාමට මා පෙළඹීමට හේතුයි...
මම වර්ග කිහිපයකින් මාලු කිලෝ කිහිපයක් මිලට ගෙන ආපසු ඒමට සැරසුනෙමි... අම්මට සිරි.... ඉස්සො.....
ඉස්සන් ඩෙවල් එකක් සමඟ මදුවිත බඳුනක් තොලගාන අයුරු සැනින් මා සිතේ ඇඳී ගිය බැවින් මා එතන මදකට නැවතීමි..
ඉස්සො කීයද..
පන්සීය අසූවයි....
මම සාක්කුවේ ඉතිරි මුදල් ගැන බැලුවෙමි... රුපියල් 250ක් ඉතිරිව ඇත... අසූවයි අසූවයි එකසිය හැටයි..
ඉස්සන් කිලෝ එකක් රුපියල් එකසිය හැටට හොඳාටෝම වාසිය... මෙය ඉස්සන් වැඩිපුර අහුවෙන කාලයක් විය යුතුය.. මෙච්චර ගනන් අඩු ඒකය...
ඉස්සො කිලෝ එකක් දාන්න...
මාලු මුදලාලි මහතා එසැනින් කිලෝ එකක් කිරුවේය.. මා අත කලු පැහැ ටියුලිප් මලු දෙකකි.. ඉන් එකකට ඉස්සන් දමා ගතිමි...
දෙසීය පනහෙන් එකසිය හැටක් අඩු උනාම රුපියල් අනූවක් ඉතිරිය... හිත හිතා සිටීමට කාලයක් නොවේ මෙය... අදනම් ඇඩිරස් නැති වෙන්නම ඉස්සො කත හැකිය......මේ වාගේ වාසිදායක අවස්තා මගහැරිය යුතු නොවේ...
තව පන්සීයක් දාන්න..
එසැනින් තව ඉස්සන් පන්සීයක් මාගෙ බෑග්එකේය...
කියද මුදලාලි...
අටසීය හැත්තෑවක් දෙන්න..
හුටා.. අටසීය හැත්තෑවක්.. මං කොහෙන් දෙන්නද..
මට ක්ෂනිකවම හැගී ගියේ මට කෙලවුනු බවය... දැන් මා අටසීය හැත්තෑවක් ගෙවිය යුතුය....
වෙලෙන්දා කියා ඇත්තේ කිලෝ එකක් රුපියල් පන්සීය අසූවක් කියාය... මා ග්රෑම් පන්සීයක් රුපියල් අසූවට ගැනීමට සිතා කිලෝ එහමාරක් ලබාගෙන ඇත...
කලහැකි කිසිවක් මගේ සිතට ඇතුලු නෙවූ බැවින් මගේ සාක්කුවේ තිබූ රුපියල් දහසේ නෝට්ටුවක් නැතිවූ පාරිභෝගිකයෙකුගේ ජවනිකාව රඟ දක්වා යාන්තමින් ජාමය බේරා ගතිමි...
ගරුඬු රාජ කතාවස්තුව...

සුබ උදෑසනක් මා ප්‍රිය සුපින්වතුනි.. අද දිනයේ මගේ වෑයම ගරූඬ රාජයෙකු කල නොපනත්කමක් ගැන දැක්වෙන ගරුඬ රාජ කතා වස්තුව ඔබ හමුවේ දැක්වීමටයි.....

යටගිය දවස අසල ගම් දනවුවක මගේ ගජ මිතුරුතුමෙක් සිය ⁣දෙමාපිය සොයුරු සොයුරියන් සමග මදක් පැරණි නිවසක වාසය කලේය.. ගෙයි වහල උළු කැටවලින් සෙවිලි කර තිබූ අතර ගෙය වටේටම පිහිටි අඹ රඹුටන් පේර දොඩම් වෙරලු කෙහෙල් පොල් තැඹලි රන් තැඹිලි ගොන් තැඹිලි ආදී වු නොයෙක් තුරු සමුහයෙන් අවට සෙවන සැදීය... තවද ගේ වටේටම මනාව වැවුනු පිච්ච සමන්පිච්ච වැල්පෙනෙල කටරොළු ආදී ලතා මඩුල්ලෙන්ද නොයෙක් වර්ගයේ දෙස් විදෙස් මල් පැල සමුහයකින්ද අලංකාර විය...

නිරන්තරයෙන් පවතින සෙවනත්, තැන තැන එකතු වූ වියලි කොල රොඩුත් නිසා ගරුඬ පත්තෑ ගෝනුසු කුනකටු නයි පොලොන් ආදී වූ සත්ව සමූහයාට වාසස්තාන රාසියක් ඉබේම පහළවී තිබුනි....

ගෙය තුලද නිතර ගරුඬන් පත්තෑයන් ගෝනුස්සන්ගේ දසුන් නැරඹිය හැකි වූ අතර කල්යාමේදී කාටත් එහි වැඩි අමුත්තක් නොවිය.. ඉඳහිට සිදුවු පූංචි සපාකෑමක් හැරුනුකොට එම කුඩා සතුන්ගෙන් නිවැසයන්ට අන්තරාවක් නොවු අතර එම සතුන්ද නිවැසියන්ගේ ඇඳුම්, යටඇඳුම්, අමුඩ ලේන්සු ආදියෙහි පවා ලැගුම් ගෙන සිටිනු ඉඳහිට දක්නට ලැබුනි....
එක්තරා මනරම් උදෑසනක අප කතානායකයානෝ හිරුත් සමගම අවදිව දත් මැද මුව සෝදා අනෙක් කටයුතුද ඒ ආකාරයෙන් සිදුකර ලහි ලහියේ සලු පිලි හැඳ පැලඳ ගෙන සිය මෑනියන්ටද මුසා බස් දෙඩා ගෙදරින් පිටත්විය. එදින නිවාඩු දිනයකි.... අප කතානායකයා හට කලකට පසුව තම නෑඹුල් ප්‍රේමවන්තිය සමග ආදර ජවනිකා රැඟුමට ඉඩහසර ලැබෙන දවසකි... එබැවින් එදින ඔහුට වැදගත් දවසකි....
බස් නැවතුමේ මද වේලාවක් නොඉවසිල්ලෙන් බලාසිටි මිතුරාට ඔහු පුල පුලා බලාසිටි බස්රිය ලැසි ගමනින් එනු පෙනුනි.. වාසනාවකි... උදේ පිපුනු මලක් විලස ඇය පිටිපස අසුනේ අසුන්ගෙන සිටි අතර මගේ මිතුරානෝද ප්‍රේමයෙන් බරිත වූ හදවතින් යුතුව වහ වහා ගොස් ඇය අසලින් වාඩිවිය...
ප්‍රේමයෙන් මන රංජිත වේ
නන්දිත වේ......
කවුලුවෙන් හමා ආ සුලන් දහර ඇයගේ විලවුන් සුවඳත් දහඩිය ගඳත් තවරාගෙන විත් ඔහුගේ නාස්පුඬු කිතිකවාලීය..නියන් සමය අහවර කරමින් වැටෙන වරුසාවක් සේ ඇගේ උනුසුම ඔහුගේ සිත කල පුබුදුවාලන නිමේෂයේ කම්මුලේ දැවටෙන ඇගේ කියඹුලතාවේ පහස තව තවත් විඳිනු රිසින් හෙතෙම තවත් ඇය වෙතටම ලංවිය...
ගතවූයේ මොහොතකි.. පුංචි පුංචි කකුල් සිය ගනනකින් යුතු මොකෙක්දො සතෙක් තම ඩෙනිම අස්සේ සිට කකුලට මාරුවෙනු ඔහුට දැනුනි.. මේ නම් ගරුඬෙක් බව තම අත්දැකීමෙන්ම ඔහුට සක්සුදක් සේ පැහැදිලිය... දැන් ඉතින් කුමක් කරම්ද... පෙම්වතිය තොරතෝංචියක් නැතුව පෙම් බස් දොඩා ගෙන දොඩා ගෙන යයි.... ඔහු හොර බැල්මෙන් අවට බැලිය.. ටියුසන් යන ලමිස්සියො කිහිපදෙනෙකුම ඔවුන් ඉදිරියේ සිටගෙනය.. එකියන් ඉඳහිට ඔවුන් දෙස හොරෙන් බලයි.... මිතුරා හතර රියන් උස දේහදාරී පුරුසයෙකු ඌවත් ලැජ්ජා බයට අම්මාගේ තුරුලේ වැඩුනු ඔහුගේ ලැජ්ජ බය හා සබකෝලය දොලොස් රියනකටත් වඩා උස වූයෙන් කල යුතු කිසිම දෙයක් ගැන එක්වරම සිතාගත නොහැකි වූ ඔහු රතුවූ මුහුනින්ද, දහඩිය ගලන ගතින්ද, කරකියගත දෙයක් නොමැතිව අන්ත අසරන වු සිතින්ද යුතුව අන්ද මන්දව පෙම්වතිය දෙස බැලිය.. ඇයටද අමුත්තක් සිදුව ඇති බව ඉබේටම වැටහුනු බැවින් සිය පෙම් තෙපුල නැවතූ ඇයද ඔහුදෙස බැලිය..
පහල කකුලේ බත්කෙන්ඩේ මයිල් අතරින් රින්ගා ඉහළට ඒමට වෙර දරන ගරුඬාය... මෑත ⁣කුමක් සිදුවීදැයි සිතා ගත නොහී බියපත් මුවදෙනක් සේ ඔහු දෙසම බලා හිදින ඇය ය....
ඇය තවත් බලා සිටිය නොහැකිව "ඇයි බබා" යි අසමින් ඔහුගේ අත තරයේ අල්ලාගත්තාය.. ඔහුගේ ලැජ්ජාවත් බයත් විසින් චකිතියට පත් සිතින් ඔහු " මොකුත් නැහැ" යයි පිලිතුරු දිනි.
ගරුඬා කෙමෙන් ඉහළට නැග එයි.. ඉහලටම එයි.. තව තවත් ඉහළටම එයි... හේ ඇඹරෙයි... එහෙ බලයි.. මෙහෙ බලයි.. රතුවූ මුහුනින් දා බිඳු නැගෙයි.. ඇය බයයි.. කුමක් වී දැයි නොදනියි.. ප්‍රේමය සුන්දරයි.. නමුත් දැන් ඔහු අන්ත අසරණයි...
කලවය දිගේ ඉහලට ආ ගරුඬා යට ඇඳුමේ පහල වාටිය තෙක් පැමින ඉන් ඔබ්බටත් ගමන් කරනු රිසිව ඊට මං සොයයි.. ඔහුට හරියට කිතියි.. ඒ බැරුවත් ඉවසයි...
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
එක් වරම ගරුඩා ඔහුගේ ඉකිලිය විකා ගත්තෙන් ඔහුට නිම් හිම් නැති විය.. මුවින් හඬගෑමද නොහැකිය.. ඇයද බියපත්ය.. සාවියක් සේය.. ඔහු සිත තද කර ගෙන නිහඬව දරා සිටියේය... ඇයගෙන් ප්‍රස්න වැලකි.. නමුත් ඔහු ගේ මුව ගොලුය.. හදවතද ගොලුවීමට ආසන්නය.. හිටන් ඉන්නා ලමිස්සියන්ටද ඕනෑ නැති කෙහෙල් මලක් නැත.. උන්ගේ දෑස් ද ඔහුගේ මුහුනේය.. අධික වේදනාවත් සමග පොර බදන ඔහුට දැන් අවට ගැන සිතුවිල්ලක් නැත. සිත නම් ගරුඬා කෙරෙහිමය....
වාසනාවකි... සතා කෙමෙන් කෙමෙන් කලවයේ උඩඅතට පැමිනෙයි.. ඔහුද ඇඟිලි වලින් කලිසම මදින් මද ඔසවමින් ඌට ඉඩ ලබා දුනි..
මද වේලාවකින් ඒ අවාසනාවන්ත සත්වයා ඔහුගේ කලවය මතට පැමිනියේය.. එකෙනෙහිම වේගයෙන් ඉහළට එසවූ අතින් ඇඟිලි විහිදුවා ⁣කලවය මතය වේගවත් පහරක් දුනි.. ගරුඬා කැබලි හත අටකි.. උගේ සරීරයේ ඉස්ම ගතියට කලවය තෙත්වෙද්දී මිතුරා තම පෙම්වතිය දෙස බැලිය.. ඔහුගේ මුහුනේ සැහැල්ලු ජයග්‍රාහී සිනාවකි.. ඇයගේ වත මත ඇදී තිබුනේ සැක, බය, ප්‍රශ්නාර්තය, දුක එකට කැටිවූ අමුතුම බැල්මකි....
යට ඇඳුම්වල කකුල් වලටද හිර ඉලාස්ටික් පටි යෙදීම කොපමන වැදගත් දැයි ඔහුට සිතුනි..

Friday, April 5, 2019

නොමිලේ බ්‍රැන්ඩි බෝතලයක් බොමුද......??

මම වැනි උපන්දා සිට අමාද්‍යප පුද්ගලයෙකු මෙවැන්නක් ලියන්නේ ඇයිදැයි මෙය කියවන ඔබ මහත් විමතියට පත්වන බව මම දනිමි...... නමුත් සුරාවට ලොල්වූ බේබදු යාලු මිත්‍රයින් රැසක් මට සිටින බැවින් උන්ගේ මතු ප්‍රයෝජනය තකා මෙවැන්නක් ලිවීමට සිතිමි........

මේ උදාවෙන්නේ අවුරුදු සමයයි......
මා වැනි මත්පැන් විරෝදීන්ට එහි අමුතු වෙනසක් නැති උවද මගේ බේබදු යහලුවන්ටනම් එම කාලය මහත් වටිනා කාලයක් බව මම දනිමි.... දැන් මේ රටේ අරක්කු මිල දුප්පතාට දරන්නට බැරිතරම් ඉහළ ගොස් ඇති බවත් එබැවින් වෙනදාට බෝතලයක් අරගන්නා එකා බාගයක් හෝ කාලක් මිලට ගෙන සැනසීමට පුරුදු වී ඇති බව මගේ බේබදු මිත්‍රයෙකු මා හා පැවසීය......

ඔහු එය පැවසූ දුක්ඛදායක ස්වරූපය කොතෙක්ද යත් එයින් මගේ හදවත සසල වී ගියේය........ සොවින් කම්පාවී ගියේය........
මෙවන් දුකටපත් දුප්පත් ජනතාව වෙනුවෙන් යමක් කළ හැක්කේ කෙසේදැයි එකඟ කර ගත් සිතින් යුතුව, නිසල කර ගත් මනසින් යුතුව සිත මෙහෙය වූ මගේ සිතට මෙවැනි සම්යක් ප්‍රයෝගී උපායක් කල්පනා විය.......... හැබැයි මිතුරනි..... තොපි මේ උපාය බාවිතා කළ යුත්තේ අතේ සතේ නැති වෙලාවට බොන්න හිතුනොත් පමනය...... අනෙක් කාරනාව උඹලා මේ ක්‍රමය නිතර බාවිතා නොකළ යුතුය.............. උඹලා මේ උපදෙස් හරි ආකාරයෙන් පිලිපැද්දොත් නොමිලේ බ්‍රැන්ඩි බෝතලයක් බොනවා යනු කිරි කජු කන්නා සේ පහසු වැඩකි.........

මා මිත්‍රයෙකුගෙන් අසා දැනගත් පරිදි ප්‍රෑන්ක්ලින්, රිස්ට් හා හැනපියර් නමින් බ්‍රැන්ඩි වර්ග තුනක් තිබේලු..... ඒවායේ මිලගනනුත් සමානලු...... මෙම උපාය සාර්තක කර ගැනීමට නම් සෑම විටම සමාන මිලින් යුතු වර්ග මොනවාද යන්න ඔබ දැන ගත යුතුය.... වැඩේ පහසු වන්නේ එවිටය..........................

පලමුව දත් මැද මුව සෝදා හොඳ පිරිසිදු ඇඳුමක් ඇඳ මත් පැන් විකුනන තැනකට යන්න... එම ස්තානවල ඉහලින් මොකක් හෝ නමක් දමා වයින් ස්ටෝර්ස් යනුවෙන් බෝඩ් ලෑලි යොදා ඇති බවත්, සෑම නගරයකම වාගේ එවන් තැන් දෙක තුනක් ඇති බවත්, එම නාම පුවරු කොලපාට බවත් අකුරු සුදුපාටින් ලියා ඇති බවත් මිතුරා මා හට පැවසිය......... එම ස්තාන බාර් යනුවෙන් හැඳින්වෙන බවද ඔහු පැවසිය.....

ඔබ එවැනි බාර් එකක් ලඟට යන්න.......

දැන් මද සිනාවකින් මුව සරසාගෙන හොඳ පුරුදුකාරයෙකු මෙන් කෙලින් බලාගෙන කවුන්ටරයට යන්න...... එහි සිටින පුද්ගලයා දෙස මද සිනාවක් පා සෘජුව බලන්න......

මොනවද මහත්තයො ඕනි?? එවිට කවුන්ටරයේ සිටින්නා ඔබෙන් අසාවි..........

එවිට ඔබ මෙසේ පවසන්න....

හැනපියර් බෝතලයක් දෙන්න.....

එවිට ඔහු ඔබට හැනපියර් බෝතලයක් ලබා දෙනු ඇත.........

දෙදාස් තුන්සීයක් දෙන්න......... ඔහු ඔබට මිල ගනන් දන්වනු ඇත..... ( මෙම මිල මා උදාරනයක් ලෙස ගත් මිලකි... සැබෑ මිල කුමක් දැයි මම නොදනිමි.)

එවිට ඔබ සෘජුව ඔහු දෙස බලා ෆ්‍රෑන්ක්ලින් බෝතලයක් කීයදැයි අසන්න......

දෙදාස් තුන්සීයයි......

ඔහු ඔබට පිලිතුරු දෙනු ඇත........

එහෙනම් මේක අරන් මට ෆ්‍රැන්ක්ලින් එකක් දෙන්න..... යනුවෙන් ඔබ ඔහුට පවසන්න......
බාර් එකේ කට්ටිය පෝලිමේ සිටින්නේ නම් මේ මොන වෛශ්‍යාවගේ පුත්‍ර රත්නයක් දැයි යන බැල්මෙන් ඔහු ඔබ දෙස බලනු ඇත.. එය ගනන් නොගන්න..... ඔබේ අවසන් අරමුනවන නොමිලේ බෝතලයක් ලබා ගැනීම ගැන පමනක් සිතන්න......

එවිට ඔහු ඔබ අතැති හැනපියර් බෝතලය ගෙන ඔබට ෆ්‍රෑන්ක්ලින් බෝතලයක් දෙනු ඇත..........

ඔබ එය අතට ගන්න....
සෙමෙන් ආපසු හැරෙන්න...
කිසිවිටෙකත් කලබල නොවන්න.....

මහත්තය සල්ලි දුන් නෑ නේද....??

එවිට ඔහු කලබලයෙන් අසාවි....

නමුත් ඔබ කලබල නොවන්න...........

ඇයි හැනපියර් එකයි ෆ්‍රෑන්ක්ලින් එකයි එකම ගාන නේද?? ඔබ සන්සුන්ව ඔහුගෙන් අසන්න..............

ඔහු ඔවු කියාවි.....

එහෙනම් හරිනෙ..... ඔබ කියන්න.......

ආපසු යන්න හැරෙන්න......

මහත්තය සල්ලි දීල යන්න.... එවිට ඔහු කෝපයෙන් හා පුදුමයෙන් පවසාවි.....

ඔබත් කෝපය මුසු බැල්මක් මුවට නගා ගන්න.... ඇයි ඕයි මම තමුසෙට හැනපියර් එකක් දීලනෙ මේක ගත්තෙ.... දෙකම එක ගානනෙ.... ඉතින් හරිනෙ...... ඔහුට එහෙම කියන්න.......

ඔහු මදක් කල්පනා කරාවි......

ඇතැම් විට ඔහු ඊලඟට මෙහෙම කියාවි..........

ඉතින් මහත්ත⁣ය හැනපියර් එකටත් සල්ලි දුන්නෑනෙ........

ඉතින් ඕයි මම ඒක තමුසෙට ආපහු දුන්නනෙ............ එවිට ඔබ පෙරට වඩාවැඩි කෝපයක් මවාගෙන කියන්න..........

මද වෙලාවක් ඔහු දෙස කෝපය මුසු මුහුනින් බලා සිට ආපසු හැරී සන්සුන් ගමනින් ආපසු ගෙදර එන්න..........

ඔබගේ බේබදු මිතුරෙකුත් හවුල් කර ගෙන නොමිලේ ලැබුනු බ්‍රැන්ඩි බෝතලය රසවිඳින්න......... මතක් කරල සෝඩ හරි අයිස් වතුර හරි දාල බොන්න..... අයිස් වතුර එක්ක බොනවනම් ගොඩක් හොඳයි.... ඒක සෞඛ්‍යට හිතකරයි...................😀😀😀👍👍👍👍👍


Thursday, March 28, 2019

ලීක් වෙච්ච වීඩියෝව



අවුරුදු ගානකට එහා ගෙවපු රස්තියාදුකාර ජීවිතේදි මට හම්බෙච්ච හොඳ කල්යානමිත්‍රයො ටිකක් ඉන්නව.. අතීතෙ මතක් කරද්දි සතුටුවෙන්ඩ තියෙන කාරනාවක් තමා අපායට ගියත් තනියෙම ඉන්ඩ වෙන් නෑ කියන එක.. එහෙම හිතෙද්දි හරි සනීපයක් දැනෙනව.....

ඒ මිතුරු රැලේ ඉඳපු හිත හොඳ එකෙක් ගැනයි මේ කතාව.. උගෙ නියම නම මෙතෙන්ට අවශ්‍ය නැති නිසා මං ඌට සමන් කියන්නම්.. සියලු සමන්ල කමත්වා...

සමන් කියන්නෙ සිරා පොරක්. අමුතු චරිතයක්.. අරක්කු, සිගරැට්, ගංජ, ගුලි එක්ක ඇසුරක් නෑ.. නිතර නිතර අනිත්‍ය මෙනෙහි කරමින්, බවුන් වඩමින්, දස අකුසලෙන් වැලකෙමින්, ශාඛ බක්සකයෙක් වෙමින් අපි හැමෝටම තමන්ගෙ ජීවිතෙන් ආදර්ශ සපයපු මිත්‍රයෙක් සමන්.. ඔහු නිරන්තරයෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කලා, බන කතා කියල දුන්න.. අපිව දුශ්චරිතයෙන් මුදවන්ඩ උත්සාහ කලා....

ඉඳ ඉඳ එක වෙහෙර

විඳ විඳ දහම් මනහර

සිඳ බිඳ දුක් සසර

අහෝ දෙවුදත් නොදිටි මොක්පුර....

බුදුහාමුදුරුවො එක්ක එක ආරාමෙක වාසය කරපු, නෑකමට මස්සිනා උනු දේවදත්ත තෙරුනුත් අපාගතවෙච්චි එකේ ජීවිතේ නරකම වයසෙ හිටි අපි සමන්ගෙ ධර්මානුසාසනා ඒ කනෙන් අහල මේ කනෙන් පිටකිරීම ගැන අන් කවර කතාද.....

සමන් කියන්නෙ ටිකක් දුර පලාතකින් කොළඹට සංක්‍රමනය වූ තරුනයෙක්... ගෙන්දගම් පොලවට වැටුනත් සමන්ගෙ ගැමි කම, අවංක කම, අව්‍යාජකම සමන් නැති කර ගත්තෙ නෑ..........

හැමෝටම වගේ සමන්ටත් පෙම්වතියෙක් හිටිය.. ඇයත් සමන්ගෙ ගම්පලාතෙම කෙනෙක් කියලයි සමන් කිවුවෙ... නිවාඩු දවස්වලට අනික් හැමෝම ප්‍රේම කරන්න අහු මුලු හෙවුවත් සමන් වෙනස්ම ප්‍රේමවන්තයෙක්.. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්යයි...... ප්‍රේම⁣ය ගැන සමන් දරපු අදහස සුනිල් ආරියරත්නයන් ගීයට නගල තිබුනෙ ඒ විදියට.... බඳින්ඩ කලින් ප්‍රේමවන්තිය සමග කුමන හෝ අයුරකින් ඉඳුරන් සන්තර්පනය කර ගැනීම කාමයෙහි වරදවා හැසිරීමක් බවයි සමන් නිතරම කිවුවෙ..... එහෙම බැලුවම සමන් කියන්නෙ මාර චරිතයක්..... ඔහු අනෙක් අයටත් නිතර අනුසාසනා කලා කාමයෙහි වරදවා නොහැසිරෙන්න කියල....

කල්යාන මිත්‍රයො ටික ඉඳහිට වෙලාවක මදු විතක් තොලගාද්දි සමන් එතන හිටියත් කවදාක්වත් සමන් නෙවේ එක රුපියලක්වත් දුන්නෙ ඒකට... පන්සිල් කැඩීමෙන් සිද්ද වෙන පාපය ඊට අනුබලදීමෙන්ද සිද්දවෙන හින්දයි සමන එහෙම කලේ.....

හිටපියකො, අපි කවද හරි තොාග සල්ලි වලින් බොනව සමනො....

අනේ පලයන් මචන් යන්න..... මේ සමන්ගෙන් බොන්ඩ සල්ලි ගන්නවනම් බොරු....

හරි හරි බලමුකො.... කට්ටිය සමනට වෙරිපිට නක්කලේ දැම්මට සමන නෙමේ ඒවයින් සැලුනෙ.... ඌ උගෙ ප්‍රතිපත්තියෙම හිටිය ඉතා තදින්....😞😞😞

කාලය හිමින් ගලා ගියා... ඒ එක්කම සමන්ගෙ නිකැලැල් ප්‍රේමයත් ගලා ගියා....

ඔහොම යනකොට සමන්ගෙ ජීවිතේට ඉතාම කනගාටුදායක දිනයක් උදාඋනා.... කියන්න දුකයි මිත්‍රවරුනි, සමන් වගේ සත් ගුනවත් උපාසකයෙකුට උනත් දෛවය ඉතාම අකාරුනික විදියට සලකන වෙලාවල් එනව... විස්නු දෙයියොත් නරක කාලෙ ආවම බටකොල කෑවලුනෙ.....

එදා දවල් දවස ඉතාම සාමකාමීව ගෙවිල ගියා.... මධ්‍යමරාත්‍රියට හෝරාවක් විතර තියල සමන්ට එක යාලුවෙක්ගෙන් කෝල් එකක් ආව...

මචං සමනො, උඹ නිදිද...... යාලුවගෙ කටහඬේ අමුතු කලබලකාරී ටෝන් එකක් තිබුනෙ.... සමනුත් එකපාරටම ගැස්සිලා ගියා ඒ ටෝන් එකට

නෑ මචං... කියාන්

සමනො පොඩි කේස් එකක් මචං... උඹ අවුල් වෙන්නැත්නම් කියන්නම්....

නෑ බං අවුලක් නෑ... කියපන්.....

මචං සමනො උඹ ලඟදි කෙල්ලෙක් එක්ක රූම් එකකට ගියාද??? 😯😯😯

මොකක්... පිස්සුද බං.... මං එහෙම රූම් ගානෙ ගිහින් පජාති වැඩ කරන්නෑ කියල උඹල දන්නවනෙ බං....

නෑ බං සමනො.... උඹ කෙල්ලෙක් එක්ක රූම් එකක ඉන්න වීඩියෝ එකක් තියෙනවනෙ බං නෙට් එකේ... මම දැන් දැක්කෙ... මම ලින්ක් එක සේවු කරගත්ත......

මොකක්... මම

ඔවු බං, උඹ තමා... මට අඳුරන්ඩ බැරිද උඹව...

මචං.... මන් ඉවරයි බං.... අනේ මචන් උඹ අනික් උන්ටත් ඕක කිවුවද.....

පිස්සුද මචං... මං මේ දැක්ක ගමන් උඹට කෝල් කලේ.....

අනේ මචං.... අනෙක් උන්ට කියන්න එපා මචං..... අනේ මචං.... මම දැන් මොකක්ද කරන්නෙ මචං.... මට පිස්සු වගේ මචං..... මට මොනව කරන්නද කියල හිතා ගන්න බෑ මචං....

මෙන්න මේ ආකාරයට අපේ අති ගෞරවනීය, වන්දනීය, පූජනීය සමන්තුමාගේ චරිතය මණ්ඩුක භවනෙ මණ්ඩුකගේ චරිතෙට මාරු උනා සුපින්වතුනි.... දෙබස් විදියට කියන්න ගියොත් කතාව ගොඩක් දිග්ගැස්සෙන හින්ද කෙටියෙන් කියන්නම් මචං.....

යාලුව සමන්ට කිවුව විදියට සමන් හොාටල් රූම් එකක තමන්ගෙ පෙම්වතිය එක්ක දාපු සෙල්ලන්ටික හිඩ්න් කැම් එකකින් රෙකෝඩ් කරල.. ඊට පස්සෙ නෙට් එකට දාල..... හෙනගහන වැඩ මේවනම්....

දැන් සමන් තමන්ගෙ දුක්ඛදායක කතාව හෑඬූ කඳුලින් යුතුව යාලුවට පවසනව.... තමන් පත්වෙලා ඉන්න අසරන තත්වෙන් ගොඩඑන්න උදවු කරන්න කියල යාලුවගෙන් ඉල්ලනව.....

කොච්චර කුප්ප යාලුවෙක්ගෙ උනත් හදවත උනු වෙනව ඒ කතාව අහන් ඉද්දි....

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී

බිතු සිතුවම් රූ මෙන් පිටුනොපාවිතී....

සමනො මගෙ ආලුවෙක් ඉන්නව... ⁣කම්පියුටර් කාපු එකෙක්... මන් ඌට කතා කරල වීඩියෝ එක අයින් කරන්න විදියක් තියේද කියල බලන්නං.......

අනේ මචං.. ලොකු දෙයක් මචං... අනේ බං... මොනවහරි කරලදීපන්....

හරි බං... ඌ මට ඕනි උදවුවක් කරනව.... මං කතාකරල බලන්නම්.... මේ ඒක නෙමේ මේව නිකම් කරන්න බෑ පුතෝ... බෝතලයක් ඕනි....

හරිබං..... බෝතලේට බෝතල් දහයක් දෙන්නම්....

එදා රාත්‍රිය සමන්ට නිදි නොමැති රාත්‍රියක් උනා... යන්තම් ඇහැ පියවෙද්දි සමන්ට හීනෙන් පෙනුනෙ කෙල්ලගෙ අයියල දෙන්න ඇවිත් තමන්ව පෙති පෙති කපන හැටි.......

පහුවදා වෙනද ⁣වගේම ඉරපායල වෙනදට වඩා හිමීට හවස් උනා.... සමන්ගෙ යාලුවගෙ කම්පියුටර් වැඩ්ඩ වීඩියෝ එක කාටවත් බලනින බැරි වෙනින බ්ලොක් කලා කියල යාලුව කෝල් කරල සමන්ට කවුවම සමන්ගෙ ඇඟට ලේ ඩිංගක් ඉනුව.......

එදා හවස කට්ටියට සමන් ගානෙ පාටියක්... ගැලරි බෝතලයක්, සෝඩ, ඩෙවල්, ඔම්ලට්, බැදපු මාලු, සිගරැට් සේරම සමන් ගානෙ...

නැවගිලිච්ච කැප්ටන් ගහෙන් වැටුනම ගොනා ඇනල ඉස්පිරිතාලෙ ගෙනිච්චම දොස්තරල ස්ට්‍රයික් කරල වගේ සමන්ගෙ මූන.... ඇත්තටම පවු සමන්..... හෝටල් කාරය කොටල මරනවමයි කියල සමන් හිතාගත්ත...

සමන්ගෙ යාලුව සමන්ට උන පොරොන්දුව අකුරටම රැකල තිබුන... ඌ වෙන කාටවත් සීන් එක කියල තිබුනෙ නෑ..... එාහම බැලුවම මේවගෙ අවංක යාලුවන්ට අරක්කු ගැලුමක් අරන් දුන්නත් පවු නෑ කියල සමන්ට හිතුන.....

සාදය සුපුරුදු පරිදි ගලාගෙන ගියා.... සමන් මුක පූට්ටුවක් දාගෙන හිටියට අනෙක් උන්ට ගානක් උනේ නෑ.....

සමන්ගෙ යාලුව අනිතිම ශොට් එකත් දාගෙන අනිතිම සිගරැට් එකත් ටොක් ටොක් ගාල තට්ටු කරල පත්තු කරල පපුව පිරෙන්න දුම් උගුරක් ඇදල දුම් ගුලි හිමීට පාකරන ගමන් සමන්ට කතාකලා....

මචං සමන්... මෙහෙම කිවුවට අවුලක් ගන්න එපා බං...... එහෙම වීඩියෝ එකක් මං දැකකෙ නෑ බං, අපි මේ උඹගානෙ බෝතලයක් ගහන්ඩ පොඩි ප්ලෑන් එකක් ගැහුවෙ.... දැන්වත් උඹේ ඔය වැදි බන නවත්තගං......

පාන් අයියා කියපු කතාවක්...



සමහර නෝනලා කිඹුල බනිස් කන්න ආසයි..

සමහර නෝනලා මාලු බනිස් කන්න ආසයි..

සමහර නෝනලා මේ දෙකම කන්න ආසයි..
සමහර නෝනලා එක පාර කිඹුල බනිස් දෙක තුනක් කන්න ආසයි...

සමහර මහත්වරු මාලු බනිස් කන්න ආසයි..

සමහර මහත්වරු කිඹුල බනිස් කන්න ආසයි..

සමහර මහත්වරු මේ දෙකම කන්න ආසයි..

සමහර නොනලයි මහත්වරුයි බනිස් කන්න ආසම නැහැ.....

නැටුම් පුහුනුව...



අපේ Cathura Lakshitha මැතිතුමාගෙ පොස්ටුව කියවද්දි පරන සිදුවීමක් මතක් උනා... මේකත් නැටුමක් ගැන... ජීවිතේට ප්‍රසිද්ද වේදිකාවක නටපු එකම නැටුම ගැන... නැටුම ගැන කිවුවට මිත්‍රවරුනි/ මිත්‍රවරියනි (එහෙම නොකිවොත් රෙදි කරට අරන් එන්නෙ අමතක කලා කියල) ඇත්තටම නැටුම් පුහුනුව ගැන තමා කියන්ඩ වෙන්නෙ... හුදී ජනී ජනයාගෙ හිත සුව පිනිස නම් ගම් මනක්කල්පිතව යොදල සමහර දේවල් නොකියම ඉන්ඩත් වෙනව... ඒකට තරහ වෙන්ඩ එපා.......

ඉස්කෝලෙ යන කාලෙ ඉගෙනීම හැර අනෙක් සියලුම දේවල් කරන්න අවස්තාව ලැබුන ග්‍රහ යෝගයක් මට තිබුන.. අපරාදෙ කියන්ඩ බෑ තාමත් ඒ යෝගෙ ඒ විදියටම තියෙනව....

ආන් ඒ කාලෙ තමා මේ සිද්දිය සිද්ද උනෙත්... ළමයි⁣න්ගෙ සුබසිද්දිය වෙනුවෙන් පටන් ගත්ත අලුත් සංවිදානෙකට එකතු වෙන්ඩ ඒ කාලෙ මටත් අවස්තාවක් ලැබුන... අහම්බෙන් වගේ ලැබිල නිකමට වගේ ඒකට ගියත් ඊට පස්සෙ මං හරි උනන්දුවෙන් ඒ සංගමේ වැඩවලට සහබාගි උනේ... ඒම උනන්දු උනේ ඇයි කියල ඉතින් අමුතුවෙන් කියන්ඩ ඕනි නෑනෙ.....

කොහොමින් කොහොමින් හරි ඔය සංගමේට බැඳිල මාස කිහිපෙකින් ඒ සංගමේ පලවෙනි වාර්සික සන්වත්සරය තියන්ඩ ලෑස්ති උනා...... ඒකට එක එක කන්ඩායම් වලින් මොකක් හෝ අංගයක් අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න කියල නියෝගෙකුත් ලැබිල... අපි කිහිපදෙනෙක් එකතුවෙලා කතාකලා ඒ ගැන.. අන්තිමට තීරනේ උනේ නැටුමක් ඉදිරිපත් කරන්ඩ....

ගෑනු ළමයි තමයි එතනින් එහාට ඒක වෙන විදිය ගැන තීර⁣න ගත්තෙ. අන්තිමට එයාලගෙ අවසන් තීරනය උනේ ඉංගිරීසි සින්දුවකට කපල් ඩාන්ස් එකක් කරන එක... එයාලගෙ ස්ක්‍රිප්ට් එකේ හැටියට කපල් හතරක් ඕනි....

ඕන් ඔය විදියට තමා මිතුරනි මටත් ඕකට එකතුවෙන්න ලැබුනෙ... කොල්ලො හතර දෙනා නම් පැනගෙන ආවෙ... ඒත් පරහකට හිටියෙ කොල්ලො හතරක් හොයන එක.... අන්තිමේදි වෙන කරන්ඩම දෙයක් නැති තැන අපි හතර දෙනෙකුට සිරිසඟබෝ රජතුමා වගේ හිස දන් දෙන්ඩ උනා... කවද කාපු ටකරන්ද....

කෙල්ලො හතර දෙනාගෙන් දෙන්නෙක් අක්ක නගෝල... ඒ දෙන්නගෙ අම්ම තමා නැටුං ගුරුතුමී හැටියට නිතරඟයෙන් පත් උනේ... ඒ දෙමවුපියන් ගැන කියනවනම් ඉතින් සුපිරිම කපල් එකක්.... බැඳපු මුල් කාලෙ වගේ පට්ට ලවුඑකෙන් හිටියෙ ලමිස්සියො වෙච්චි දුවල දෙන්නෙක් හිටියත්.... තාත්ත බුවා අපිව මිනිහගෙ යාලුවො ගානට දාල තමයි ආස්සරේ කලේ... ටොබැකෝ කොම්පැනියෙන් ස්කොලර්ෂිප් එකක් හම්බෙලා වගේ එකන් නිමෙන කොට එකක් ගානෙ ගෝල්ඩ්ලීප් ගැහුවෙ....

අන්තිමට ඒ මෑනියන්දැගෙ බලවත් ඉල්ලීම පරදි එයාලගෙ ගෙදර නැටුන් පුහුන්වට යොදා ගත්ත... මමත් වෙනදට වඩා හොඳට දත් එහෙම මැදල හා හා පුරා කියල නැටුන් පුහුනුවට ගියා.......

එදා අපේ ක්‍රිකට් ටීම් එක තීරනාත්මක තරඟයක් ක්‍රීඩා කරපු දවසක්... මට තාම මතකයි, උදේ ඉඳන්ම චුරු චුරු වැස්සක් ඇද වැටුන කියලත්.....

අපි හතරදෙනා ඒ ගෙදරට යනකොට කෙල්ලො ටික පුහුනුව පටන් අරන්... අපේ දෙන්නෙක් පට්ටම ක්‍රිකට් පිස්සො... උන් දෙන්න ගිය වෙලේ ඉඳන් මැච් එකේ සිහියෙන්....

කෙල්ලො ටික නැටුන් කලිසන් එහෙමත් ඇඳල... පිරිමි පාසලක ඉගෙන ගත්ත මට ඒ අවස්තාව මතක් වෙද්දි තාම හිරිගඩු පිපෙනව වගේ.... අම්මප.... අපායෙ හිටපු එකෙක් නිදාගෙන ඉද්දි දිවියලොකෙට ගිහින් දැම්ම වගේ.... අතිශෝක්තියෙන් වර්නා කරනව එහෙම නෙවෙයි මිත්‍රවරුනි ඕක තමා ඇත්තම තත්වෙ..

මැච්වෙන විදියට කපල් හතර බෙදන එක අම්මම කලා... ඕන් දැන් නැටුම පටන් ගන්නයි යන්නෙ... ඉස්සරවෙලාම කපල් එක මුහුනට මුහුනලා හිටගන්න ඕනි ඇගේ ගැවෙන නොගෑවෙන දුරින්... ඊලඟට තමන්ගෙ දකුනු අත අනික් කෙනාගෙ පිටට තියන්න ඕනි.. දැන් වම් අත දිගඇරල අනිත් කෙනාගෙ අතින් අල්ල ගන්න ඕනි.....

අවුරුදු ගානක් කොල්ලො ගොඩේ ලැජ්ජ බයට හැදිච්ච මට ඒ අවස්තාවට මූනදෙන්ඩ උනේ ඉතාම අසීරුවෙන්... මගෙ මූනත් රතුවෙලා තියෙන්ඩ ඇති සමහරවිට..... ඩග් ඩග් ගාල පපුව ගැහෙන සද්දෙ එලියට ඇහෙයි කියල බයත් හිතුන... මාත් එක්ක නටන්ඩ ආපු ලමයත් කිසි අමුත්තක් නැතුව එහෙන් මෙහෙන් ඇතිල්ලෙනව.... එයාගෙ කොන්ඩෙන් එක සුවඳක් එනව... ඇඳුමෙන් තවසුවඳක් එනව... ඒ දෙකම අතරින් ලාවට දාඩිය ගඳකුත් එනව.... නඩුව දැන් පරාද වෙයි දැන් පරාද වෙයි කියල බයේ බෑ මට... අවුරුදු දාහතක විනීත, ගුනගරුක, විනයගරුක කොලුගැටයෙකුට ඔහොම අවස්තාවකට මුන දෙන්න උනාම ඇතිවන තත්වෙ මන් උඹලට අමුතුවෙන් කියල දෙන්ඩ ඕනි නැහැනෙ මචංල........😊😊😊

ඔන්න දැන් නැටුම යනව.. වන් ටූ තී පෝ.... අගේන් වන් ටූ......

අම්ම අපූරුවට උගන්නනව.... ජීවිතේට නැටුමක් නටල නැති, නටන්ඩ වෙයි කියල හිනෙකින්වත් හිතපු නැති මට මුලදි ටිකක් අමාරු උනා වැඩේ අල්ල ගන්න.... රොබෝ කෙනෙක් වගේ අතපය ගල් කරන් ඉන්න එපා ලමයො රිලැක්ස් එකේ ඉන්න... එතකොට තමා ස්ටෙප්ස් ලස්සනට එන්නෙ..... ගුරුතුමීගෙ සමච්චල් සහගත උපදෙස් වලට වෙලාවකට මට පොලව පලන් යන්ඩ හිතුන....

පැයක් දෙකක් යද්දි මැච් අමාරුකාරයො දෙන්න ඉක්මනට නැටුම අල්ලගෙන මැච් එක බලන්ඩ ගියා.... උන් දෙන්නගෙ නැටුමෙ කියන්ඩ අඩුවක් නැති නිසා ගුරුතුමියගෙන්වත්, කෙල්ලන්ගෙන්වත් විරුද්දත්වයක් ආවෙ නෑ.... උන් දෙන්න ඉතුරු අපි දෙන්නට කුප්ප කතා කිය කිය මැච් එක බලනව.....

දැන් කෙල්ලො හතරදෙනා මාරුවෙන් මාරුවට අපි එක්ක නටනව... ඒකත් මරු... එක එක්කෙනා ලඟින් එන්නෙ එක එක සුවඳවල්.... මගෙ නහයත් ඉතින් ඒ කොයි සුවඳටත් කැමැත්තෙන්.... වැඩේ ටිකක් අල්ලගෙන තිබුන හින්දයි, නඩුව පරදින්නැති වෙන්න හිත හදාගෙන හිටපු හින්දයි ලැජ්ජ බය ටික ටික අඩුවෙලා තිබුනෙ.....

ඒ අතරෙ පුංචි බ්‍රෙක් එකක් ලැබුන, වතුර බොන්ඩ චූ කරන්ඩ.... මං අනික එක්ක මෙහෙම කිවුව.....

බලහන්කො බං අපිට තාම මේක අල්ලගන්ඩ බැරි උනානෙ... අරුන් දෙන්න නම් මැච් එක බලනව ......

මම නම් වැඩේ අල්ලගෙන තියෙන්නෙ.... ඒ උනත් ආයෙ මේවගෙ ආතල් එකක් හම්බෙන් නැති හින්ද හිතලම වරද්දනව... මැච් නං කවද බලන්ඩ බැරිද බං......

යාලුව ආන් එහෙම උත්තරයක් දුන්න.....

ඉන්ටෝල් එකෙන් පස්සෙ මටත් කලින් හරිගිය තැනුත් වරදින්ඩ ගත්ත...

මැච් නං කවද බලන්ඩ බැරිද බං....

ගොන් කතාවක්........



කලින් වෙන ගෘප් එකකට ලියපු එකක්... ඒකෙන් කියවපු අය සමාවෙන්ඩ ඈ...
ඔන්න ඉතින් ටික කලකට ඉස්සර ඒකෝමත් එක දවසක හවස්වරුවක මම කොහේ හෝ ගමනක් යනව.. මෝටර් සයිකලයෙන්.....
දර්ශනීය වෙල් යායක් අසබඩදි මගේ දුරකතනයට ඇමතුමක් එනව.. මම ගහක් යට හෙවන තියෙන තැනකින් බයිසිකලය නවත්තනව... ඇමතුමට පිලිතුරු දෙනව...
ඒ ලඟම වෙල්යාය.... ගොයම් කපල... ඉපනැල්ල... හරක් රන්චුවක් ඒ මේ අත විසිරිලා තණ කනව හිතේ හැටියට....
ඒ අතර ආසන්නයේම හිටපු හරක් තුන්දෙනාගෙ හැසිරීමට මගෙ හිත ගිය නිසා මම ටිකක් උන් දිහා විමසිල්ලෙන් බැලුව... එකෙක් වැස්සියක්... අනෙක් උන් දෙන්න වස්සො...
එක වස්සෙක් නැට්ටයි, කකුල් දෙක අස්සෙ තියෙන පොට්ටනියයි වන වන තණ කනව.. ඒ අස්සෙ එලදෙන දිහාත් කෝල බැලුම් හෙලනව... අපි ඌට රත්ත කියමු...
අනෙක රත්තට වැඩිය උස මහතයි.. තේජස් පාටයි.. පෙනුම භයානකයි.. අපි ඌට කලුව කියමු...

රත්ත එලදෙන දිහා බැලුවෙ බොහොම ආඩම්බරේට... උජාරුවට... ඌ නිකන් එලදෙන දිහා බලන්නෙ "හිටපන්කො මගෙ කඹේ ටිකක් බුරුල් කරනකම්" කියන්න වගේ.........

එලදෙන නම් රත්තට කියල විසේසයක් නැතුව කලුව දිහාත් මාරුවෙන් මාරුවට බැලුව...

කලුවත් එලදෙන දිහා බලනව... ඒත් රත්ත වගේ උජාරුවට නෙමේ... හරිම අහිංසක අසරන විදියට.... ඒ බැල්ම උගෙ පෙනුම එක්ක නම් කොහෙත්ම ගැලපුනේ නැහැ... මම හොඳට බැලුව කලුව දිහා අැයි ඌ එහෙම සසර කල කිරුන වගේ බලන් ඉන්නෙ කියල.. එතකොට තමයි දැක්කෙ.. රත්තට වගේ කකුල් දෙකේ වදින පොට්ටනියක් ඌට නැහැ කියල..... සමහර විට කලුවගෙ මතු පරම්පරාව සසරින් එතෙර කරන්ඩ ඕනෙ කියල උගෙ අයිතිකාරයට හිතිල ඇති.....

ඒ සංවේදී දසුන් පෙල නරඹන අතර තුර මගෙ චිත්තාභ්‍යන්තරයෙ මෙන්න මෙහෙම කවි සිතුවිල්ලක් ජනිත උනා මිත්‍රවරුනි...

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී.....

ඉන් එක ගොනෙක් ඇ--- දෙක නැතුව වැනි වැනී....

ඇ--- දෙක ඇති ගොනා දෙන්නුන්ට බැට දුනී.....

දුප්පත් කමත් ඇ--- දෙක නැති ගොනා වැනී.....

විරාගික



උලමුන් කෑගසන බියකරු රෑ කාලේ

රුවක් දුටිමි මම දැන් අන්තර් ජාලේ

සුර කෙල්ලක් වගෙයි වඩවන මන ලෝලේ

දැක්කද ඔබත්, කොහොමද සූකිරි බෝලේ

සඳ කිඳුරියොත් පරදා ලූ මහඟි රුව

තැබුවා සේය හිත මත ඊයම් බරුව

දැක්කත් හිත පිරෙන අඟනකි ඇති සරුව

වහගෙන ඇයිද රෙදි පටියෙන් තනි තරුව

රිය සක පරාදයි හැඩයට උඹෙ උකුලේ

බොරුවක් නොවෙයි එය නාඹර මල් කැකුලේ

මටත් හොරෙන් මගෙ හිත යයි මල් අකුලේ

නැලෙවුවොත් මොකද දරුවෙක් ඔය උකුලේ

රෑන කිතුල් මල සේ දිසි රන් වරල

ඊට යටින් රන් වන් සුදු මුදු නලල

හිත ගැස්සෙයි දුටුවම ඔය නෙත් සඟල

හන්ස යුවල ඇයි මේ තරමට ධවල

රතදර යුවල දුටුවම හරි සරාගික

එහි ඇඳි මදහාස පෙනුමද නුරාගික

වරක් දුටොත් නොව පතනුය අගාරික

සිලුත් බිඳෙයි තවුසන් සිත විරාගික

ඇතොත් කෙනෙක් ලොව දකිනා සැබෑ තතූ

දෙතිස් කුනුපයක් බව මෙය සිතිය යුතූ

නිවන් නොමැත මම මේහැටි කලින් පැතූ

ඉතින් විඳිමි සොඳුරුය මේ ළඳගෙ තතූ

අදත් මීයෙක් අහුවෙලා....



ඊයෙත් අහුවෙලා හිටිය මෙයාට වඩා ලොකු එකෙක්....

මෙයාව හෙට උදේට නිදහස් කරනකන් තව පැය දෙක තුනක් මෙයාට කූඩුවට වෙලා ඉන්ඩ වෙනව...

කාගෙ උනත් දරුවෙක්නෙ කියල මම මාරි බිස්කට් දෙකක් පොඟවල පොඩි කෑලි කඩල කූඩුව ඇතුලට දැම්ම.. මූ මං දිහා බලල ටැන්කි්‍යු කිවුව....

මූ හෙන ආඩම්බරේට, රැස්පොට් එකට තමා කූඩුවෙ ඉන්නෙ.. හරියට මහජනතාවට සේවය කරන්ඩ ගිහින් හිරේ ලඟින හිටපු ඇමති කෙනෙක් වගේ...

මාරි බිස්කට් දීපු හින්ද මූ මාත් එක්ක ෆිට් උන හින්ද මන් මූත් එක්ක පොඩි චැට් එකක් දැම්ම...

මම - ඈ බොල මීයො.. තෝ හොරාකන්ඩ ඇවිල්ල අහුඋනාමත් හෙන පොර වගේ නේද කූඩුවෙ ඉන්නෙත්...

මීය - අපි කොහොමත් රැස්පොට් තමා ඕයි.. තමුසෙල පූජා වට්ටි තියල වඳාන ගණ දෙයියො යන්නෙත් අපේ පිටේ තමා.....

මම - අනේ පලයන් ප- යො යන්ඩ, හොරාකන්න ඇවිත් ඉල්ලන් කෙලවගෙන එනව මෙතන පොර ටෝක් දෙන්ඩ...

මීය - අනේ යනව ඕයි යන්ඩ, තමුසෙලට ඉතින් අල්ලන්ඩ පුලුවන් අපි වගේ පොඩි මීයො තමා.. තමුසෙලගෙ ඇමතිල, මන්ත්‍රීල තමුසෙලගෙ බදු සල්ලි බිලියන ගනන් හොරකම් කරනව.. තමුසෙල ඒවට කට පුක වහන් ඉඳල අපි වගේ පොඩි උන් බඩගින්නට කෑම ටිකක් කන්ඩ ආවම අපිට කෙලවනව.....

මම- අඩෝ කැ-ය වහපන් කට...

මීය- මං මොකටද ඕයි කටවහන්නෙ.. මම කියන්නෙ ඇත්තනෙ... තමුසෙල බොරුවට කයිවාරු ගහනව විතරයි.. කරන ප-යක් නෑ.... පහුගිය කාලෙ අරූ හොරා මූ හොරා කිවුවට එකෙක්වත් ඇල්ලුවද නෑනෙ...

මම- දැන් උඹ හදන්නෙ පොර ටොක් දීල විහින් කෙලවගන්ඩ මීයො...

මීය- තමුසෙලට ඇත්ත කිවුවම නං මල පනිනව නේද.. දැන් බලනවකො තමුසෙලගෙ රට කරවන් උන් පොර ටෝක් දීල කෙලවගෙන ඉන්නෙ.. අපි මීයො උනත් වැදගත් විදියට හැදිච්ච උන්.. තමුසෙලගෙ උන් වගේ සක්කිලි වැඩ කරන් නෑ ඕයි අපි....

මම- ඒවෑන් උඹට වැඩක් නෑනෙ.. උඹ හොරා කන්න ඇවිත් මාට්ටු උනා නං එලිවෙනකං හිටාන්.. කට වහගෙන..

මීය- කවුද ඕයි හොරා කන්න ආවෙ.. මහපොලවෙ හැදෙන දේවල් තමුසෙලට විතරක් නෙමෙයි.. අපිටත් අයිතියි.. තමුසෙල ⁣ඒ සේරම තනියම කෑවම අපි කන්නෙ තමුසෙගෙ ඇට දෙකද...

මීය කියන කතාවෙ ඇත්තක් තියන හින්දයි, මූ එක්ක කතාවට ගියොත් නිකං ඇදගෙන නාන්ඩ වෙන හින්දයි මම කටවහන් හිටිය...

කරන්ට් කපන්නෙ ඇයි දන්නවද???



දවසම මහන්සිවෙලා ගෙදර ආව.....
නාගෙන එහෙම සරමට බැහැල පුංචි උන් දෙන්නත් වටකරගෙන බත් ඩිංගක් කන්න හැදුව විතරයි මෙන්න අදත් කරන්ට් කැපුව........

මුංගෙ අම්මලට හැම$%න්ඩ එපෑ.......

මට එහෙම හිතුන.....

ඇත්තටම කාගෙ අම්මලටද හැම%&$ඩ ඕනි...... මන්ඩලේ උන්ගෙද, නැත්නම් ඇමැටියගෙද, නැත්නම් අගමැටියගෙද, එහෙමත් නැත්තං සරල මිනිහගෙද, නැත්නම් උන්ට චන්දෙ දීපු උන්ගෙද, එහෙමත් නැත්නම් චන්දෙ නොදීපු උන්ගෙද, එහෙම නැත්තං විපස්සෙ උන්ගෙද, නැත්තන් කැලෑ පාලුවන්ගෙද, නැත්තං වැස්ස වලාහක දෙයියන්ගෙද, නැත්තං කරන්ට්එක හොයාගත්ත එකාගෙද,..........

හැබෑටම මොකාගෙද???????

අනේ මන්ද...

කෑවැයින් නොනෑවැයින් ඒ කෑමත් එපා උනා......

මගෙ ඇස්වලටනං කලුවර හුරුයි......
මොකද මං පුංචි එකා සන්දියෙ අපේ ගෙදරට කරන්ට් තිබුනෙ නෑ නොවැ... ඒ හින්ද මට තාම ඉටිපන්දම්, චිමිනි, ලන්තෑරුම්, කුප්පි ලාම්පු, පැට්‍රෝල් මැක්ස් ලාම්පු එලි හොඳට දෑහැට හුරුයි...................

ඒත් මේ පුංචි ඈයොන්ට එහෙම හුරු නෑ නොවැ...
කලුවරට උන් බයයි..
උන්ට කලුවර නුහුරුයි.......
ඉතින් පුංචි උන් දෙන්න ඇඳට වෙලා අම්මට තුරුල් වෙලා ඉන්නව....
පොඩි එකා කිරි බොනව.....

පෑන් දාන්ඩ බැරි හින්ද දාඩියත් වැක්කෙරෙනව....

බලාාගන ඔය ළමයින්ව මදුරුවො කයි..... මගෙන් ළමයින්ගෙ මෑනියන්ට දැනුවත්කිරීමක්...

ඒක ඇහුන පොඩි එකා කිරි බොන එක නවත්තල මෙහෙම කිවුව.....

මදුරුවො කන් නෑ තාත්තෙ.....

ඒ මොකද පුතේ.......

ලයිට් නැතිහින්ද මදුරුවන්ට කන්ඩ පේන්නෑනෙ......

ඕන් බලහල්ලකො ඉතින් දැන් හැදෙන පොඩි උන්ගෙ පන්ඩිතකම...

මම ටිකක් කල්පනා කොරල බැලුව...
හැබෑවටම නේන්නං.....
කොල්ල කියන කතාවෙත් ඇත්තක් තියෙනව නොවැ......
මේක තමා එහෙනම් කරන්ට් කපන්න හේතුව..
මේ දවස්වල ආයෙ ඩෙංගු පැතිරෙනවලුනෙ.....
ආන්ඩුවෙන් මේ සැරින් සැරේ කරන්ට් කපල කරන්නෙ ⁣ඩෙංගු මර්ධන වැඩසටහනක් තමා එහෙනම්................

ඩෙංගු මදුරුවන්ට ආරංචි වෙයි කියල වෙන්ඩැති හේතුව ප්‍රසිද්ද නොකරන්නෙ....
මම නං කියන්නෙ ඩෙංගු මාරය තුරං කරන්ඩ පැය බාගයක් පැයක් කරන්ට් කපල මදි....

එකදිගට තුන් මාසයක්වත් කරන්ට් කපන්ඩෝනි..... මේ මදුරු හැත්ත බඩගින්නෙම මැරිල යන්ඩ.....